ගුවන් නියමුවන්ට රැකියාව එපා වෙයි



කුවේට් ගුවන් සේවයේ ගුවන් නියමුවන් විසි හය දෙනෙක් සහ සේවකයන් පිරිසක් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඉල්ලා අස්වීමට හේතු දක්වමින් ඒකාබද්ධ ලිපියක් ගුවන් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක (මෙහෙයුම්) නිලධාරීන්ට භාරදීමට ගුවන් නියමුවන් සහ සේවක පිරිස කටයුතු කර ඇත.

කුවේට් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසි රැස්වීමක් පවත්වාගුවන් නියමුවන් සිව් දෙනෙක් සමඟ සාකච්ඡා කර ඇත.

ගුවන් නියමුවන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, සිවිල් ගුවන් සේවා අධිකාරිය නියම කර ඇති රෙගුලාසි සහ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් උල්ලංඝනය නොවන ආකාරයෙන්ගුවන් නියමුවන්ගේ ඉල්ලීම් සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ විධායක කළමනාකරණ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ගුවන් සමාගමේ පාලනාධිකාරිය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS