ගුවන් තොටුපොල පැය 24 ම විවෘතයි



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල පැය 24ම විවෘත කර තබන බව වාර්තා වේ.

2020 නොවැම්බර් 17 දින සිට ගුවන්තොටුපොල පැය 24ම විවෘත කර තැබීමට කටයුතු කළ බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස හයකට ආසන්න කාලයක් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොල සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS