ගුවන් තොටුපොල ජලයෙන් යටවෙයි



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

මේ දිනවලඩුබායි නුවරට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගුවන්තොටුපොල ජලයෙන් යට වී ඇති බවත්, ගුවන් ගමන් ප්‍රමාද වන බව ඩුබායි ගුවන්තොටුපොල ප්‍රකාශ කළේ ය.

ගුවන් ගමන් පිළිබඳව විස්තර දැනගැනීමට +971 4 2166666යන දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස ගුවන්තොටුපොල ඉල්ලීමක් කර ඇත.

අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කීපයක මාර්ග කීපයක් වසාදැමීමට සිදු වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS