ගුවන් ගමන්වලට අවසර



ඉන්දීය ගුවන් සමාගමක් වන “ගෝඑයා’’සමාගමට ඕමානය තුල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඕමානයේ සිට ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අලුතින් ඉදිකළ කන්නූර් ගුවන්තොටුපොල දක්වා සතියකට ගුවන්ගමන් වාර හතක් 2019 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

කන්නූර් ගුවන්තොටුපොලේ සිට අබුඩාබි සහ දම්මම් යන අන්තර්ජාතික ගුවන්තොටුපොලවල්වලටද ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට “ගෝඑයා’’සමාගම අවසර ලබා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS