ගුවන් ගමන් නවත්වයි



කුර්දිස්තාන පළාත ඉරාකයෙන් වෙන්වී, ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු යැයි කුර්දිස්තාන වැසියන්ගෙන් බහුතරය ජනමත සමීක්ෂණයකින් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් කුර්දිස්තානය සමඟ සියලු ගුවන් ගමන් නවතා දැමීමට ඉරාක රජය තීරණය කළේය.

කුර්දිස්තානය යනු ඉරාකය තුළ පිහිටි විශාල පළාතකි. එය ඉරාකයේ කොටසක් සේ සැළකෙයි. කුර්දිස්තානයේ බහුලව ජීවත් වෙන්නේ කුර්දි වැසියන්ය. ඔවුන්ට වෙනම ජනාධිපතිවරයෙක් පවා සිටී.

කුර්දිස්තානයේ පැවැති ජනමත විමසුම පැවැත්වූයේ ඉරාක රජයේ විරෝධය මැදය. එම ජනමත විමසුම නීත්‍යාණුකූල නොවන බවත්, එය ඉරාක ව්‍යවස්ථාවට පටහැනි බවත් ඉරාක රජය දිගින් දිගටම පවසා තිබුණි.

දිගින් දිගටම විරෝධය දැක්වීමක් ලෙස ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිට කුර්දිස්තානය බලා පියාසර කරන ගුවන් යානා තහනම් කර දැමීමට ඉරාක බලධාරීන් පියවර ගෙන ඇත.

එපමණක් නොව, කුර්දිස්තානයේ ඉර්බිල් අගනුවර සහ සුලයිමානියා ගුවන්තොටුපොළ ආපසු ඉරාක රජයට පවරා දීමට කටයුතු කරන ලෙස ද ඉරාක බලධාරීහු කුර්දි බලධාරීන්ට දන්වා තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS