ගුවන් ගමන් අවලංගුයි



කුවේට් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ.

ගුවන් සමාගම ඇණවුම් කරන ලද එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන්යානා නියමිත වේලාවට නොලැබීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාදය ඇති වී ඇති බව වාර්තා වේ.

ඇණවුම් කළ ගුවන්යානා හැකි ඉක්මණින් ලැබෙන බවත් ගුවන් ගමන් අවලංගු කිරීමකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා උපරිම උත්සහය දරන බව ගුවන් සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS