ගුවන් ගමන් 300 ක් අවලංගුයි



ගුවන්ගමන් 300ක් අවලංගු කරන බව ඕමාන් ජාතික ගුවන් සේවය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් 304ක් සැප්තැම්බර් මාසය තුල අවලංගු කිරීමට සිදුවන බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

අවලංගු කර ඇති ගුවන් ගමන් සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට +96824531111 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම් www.omanair.com වෙබ් අඩවියට පිවිසෙන ලෙස ගුවන් සමාගම ඉල්ලීමක් කර ඇත.

ජෙඩා, සලාලා, ඇතන්ස්, කොළඹ, කරච්චි, හයිද්‍රාබාද්, මඩිනා, දෝහා, කත්මණ්ඩු සහ අම්මාන් යන නගරවලට පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් ගමන් බොහෝමයක් අවලංගු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS