ගුවන් අනතුරින් නියමුවා මරුට



ඊජිප්තු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පුහුණුවීම් අතරතුරදී අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් නියමුවා ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ඊජිප්තු හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

පසුගිය මාසයේ ඊජිප්තු ප්‍රහාරක ජෙට් යානයක් පුහුණුවීම්අතරතුරදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කඩා වැටී ඇති අතර,එම අවස්ථාවේදි ආරක්ෂිතව පැරෂුටයක්‍රියාත්මක කරගැනීමට ගුවන් නියමුවා සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS