ගුවන් යානා හරවයි



උදෑසන පැවති අධික මීදුම් සහිත තත්ත්වයක් හේතුවෙන් කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩ බැස්ස වීමට නියමිතව තිබු ගුවන්යානා නවයක් ඩුබායි, බහරේන් සහ දම්මන් යන අන්තර්ජාතික ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කුවේට් ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අභ්‍යන්තර ගුවන්යානා ගොඩබැස්සවීම අසල පිහිටි ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කළ බව කුවේට් සිවිල් ගුවන්සේවා අධිකාරිය ප්‍රකාශ කළේය.

උදෑසන 8.30 පමණ වනවිට අධික මීදුම් සහිත කාලගුණ තත්ත්වය පහව ගිය පසු ගුවන්යානා නියමිත ගමනාන්ත වෙත යැවීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක                                      

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS