ගුරුවරුන්ට දැනුමක් නෑ



කුවේටයේ උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරුන්ට නිසි දැනුමක් නොමැති බව කුවේට් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය හමීඩ් අල්-අස්මි පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කුවේට් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය.

තම දරුවා සහභාගිවන උපකාරක පන්තියේ ගුරුවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උගන්වන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකිරීමට දෙමාපියන්ටද වගකීමක් ඇති බවත්, අලුතෙන් පත්වීම් ලැබු ගුරුවරුන්ට උපකාර පන්ති පවත්වාගෙන යෑමට අවසර ලබානොදෙන බවත්, ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවඅධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS