ගුරුවරුන් මැරූ ඉරාක ජාතිකයා අත්අඩංගුවට



රියාද් නුවර කින්ඩම් ස්කූල් නමින් හඳුන්වනු ලබන පාසලේ සේවය කල ගුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කල ඉරාන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව අල්-රියාද් පුවත්පත වාර්තා කළේය.

හතලිස් හැවිරිදි සෞදි ජාතික ගුරුවරයෙක් සහ ඔහුගේ පනස් හැවිරිදි පලස්තීන කාර්ය මණ්ඩල සගයා වෙඩි තබා ඝාතනය කර ඇත.

පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම සඳහා යොදාගත් තුවක්කුව සහ පතුරන් 23ක් පරීක්ෂණ සිදු කිරීම සඳහා පොලිස් භාරයට ගත්තේය.

වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කර ගෙන යෑමට මහජන නඩු විමර්ෂණ අධිකාරියට සැකකරුව භාර දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS