ගුරුවරු විභාග වංචා කරලා



ඕමානයේ ගුරුවරුන් කීපදෙනෙක් විභාග වංචාවලට සම්බන්ධ වීම හේතුවෙන් බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

ඉංග්‍රීසි අවසන් විභාගයට පෙනී සිටි 11 ශ්‍රේණියේ සිසුන් 45 දෙනෙක් ලියා ඇති උත්තර සමාන වීම හේතුවෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය කටයුතු කර ඇත.

විභාග ශාලා තුනක සිදු වී ඇති විභාග වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට වාර්තාවක් ලබාදී ඇත.

විභාග වංචාවලට සම්බන්ධ වු ගුරුවරුන්ට වසරක සිරදඩුවමක් සහ ඕමාන් රියාල් 500ක දඩ මුදලක් නියම කර ඇත.  

සිසුන් හතළිස් පස්දෙනාට නැවත විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර ඇත. 

 ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS