ගිවිසුමෙන් ඉවත් වුණොත් අර්බුදයක්



ලෝකු බලවතුන් ඓතිහාසික ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වුවහොත් ලෝකයට තවත් න්‍යෂ්ටික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවයි.

ලන්ඩන් නුවර ‘චැතම් නිවසේ’ දී (ජාත්‍යන්තර කටයුතු පිළිබඳ රාජකීය ආයතනයේ දී) දේශනයක් කරමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්කි එම අනතුරු ඇඟවීම කළේය. 

‘ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම’ යනුවෙන් ද හඳුන්වන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිරන්තරයෙන් ප්‍රකාශ සිදු කිරීම නිසා එම ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබේ.

“ලෝක බලවතුන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණොත් ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපට නොහැකි වෙනවා. එසේ වුණොත් අපට තවත් න්‍යෂ්ටික අර්බුදයකට මුහුණ දීමට සිදුවනවා. එසේ ඇතිවුණොත් අපට එය විසඳා ගැනීම දුෂ්කර වෙනවා” යැයි ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කීය.

“මෙය ලෝක මට්ටමේ ආරක්ෂාව සහ අනාරක්ෂාව සම්බන්ධ තේරීමක්” යැයි ද ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා

 


RECOMMEND POSTS