ගිනි අනතුරු වළක්වන්න ඩුබායි නුවර නව නීති



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අහස සූරන මන්දිර ලෙසින් ද සැලකෙන මහල් ගොඩනැගිලි සහ සංචාරකයන් ආකර්ශණය දිනූ උස කුලුනුවල ගහටගන්නා ගිනි ගැනීම් වැළැක්වීමට නව නීති රෙගුලාසි සහ නව ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කරන බව ඩුබායි බලධාරීහු පවසති.

ඩුබායි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය වසර කිහිපයේ ඩුබායි නුවර ගොඩනැගිලිවල ගිනි ගැනීම් සිදුවුණු නිසාය. ඒ අනුව නව නීති ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බවත් එයි අරමුණ ගිනි අනතුරු වළක්වා ගැනීම බවත් ඩුබායි බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කර සිටිති.


(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS