ගින්නෙන් රියදුරන් 6ක් මරුට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සේවය කළ පකිස්ථාන රියදුරන් හයදෙනෙක් ගින්නකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

අල්-අයින් ප්‍රදේශයේ නිවසක ඇති වු ගින්නකින් රියදුරන් හයදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති අතර රියදුරන් ලෙස සේවය කළ එකම පවුලේ සාමාජිකයන් හතරදෙනෙක් මියගිය පිරිස අතර සිටින බව වාර්තා වේ.

ගින්නට හසු වී ජීවිතක්ෂයට පත් වු රියදුරන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීමට සිවිල් ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත. 

ගිනිගැනීමට හේතුවු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බව අල්-අයින් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS