ගින්නෙන් දරුවන් හතරදෙනෙකු මියයයි, මවට අසාධ්‍යයි



සෞදි අරාබියේ ජෙඩා නගරයේ තට්ටු නිවාසයක ඇතිවු ගින්නකින් දරුවන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර එම ගින්නට හසුවූ මවගේ තත්වය අසාධ්‍ය බැවින් රෝහල් ගතකර ඇත. 

නිවස තුල පිරී තිබු දුම් ආග්‍රාහනය වීමෙන් දරුවන් මියගොස් ඇත. 

ගිනිනිවන භටයින් පැමිණ ගින්න නිවීම සදහා විශාල පරිශ්‍රමයක් දරා ඇති අතර මියගිය දරුවන්ගේ සිරුරු මරණ පරීක්ෂණය කිරීම සදහා මෘත ශරීරාගාරයට යවා ඇත.

මියගිය දරුවන් හතර දෙනා මාස තුනේ සිට අවුරුදු හත දක්වා වයස් පරතරයේ පසුවු දරුවන් බව කරන ලද මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත.  

ගිනිගැනීම හටගැනීමත් සමගම මාර්ගයේ ගමන්ගත් ජනතාව විසින් මහජන ආරක්ෂක අංශ වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැණුම්දී ඇති අතර මහජන ආරක්ෂක අංශයේ නිළධාරීන් පැමිණ ගින්න නිවීම සදහාත කටයුතු කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර සිද්ධියට සම්බන්ධ සියළු තොරතුරු පසුව මාධ්‍ය වෙත දැනුම් දෙනු ඇත.    

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS