ගින්කින් දරුවන් බේරාගෙන



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවර කල්බා නගරයේ මාර්ගයක ගමන් ගත් පාසල් බස් රථයක් හදිසියේ ගිනිගෙන ඇති බව වර්තා වේ.

පාසල් බස්රථයෙන් කළු දුමක් පිටවීඑකවරම ගිනිගැනීමට පටන් ගෙන ඇති අතර බස්රථය තුල සිටි දරුවන් වහාම ඉවත් කර පොලීසිය දැණුවත් කිරීමට රියදුරු කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර පාසල් බස්රථයට බරපතල හානි සිදු වී ඇත.

සාජා පොලීසිය සහ මහජන ආරක්ෂක අධිකාරිය එක්ව ගින්න නිවීමට කටයුතු කර ඇත.

පාසල් බස්රථය ගිනි ගන්නා ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සාජා නුවර)

RECOMMEND POSTS