ගෑස් නලයක් පිපිරීමෙන් 2 ක් මරුට



දකුණු දිග ඉරාකයේ ගෑස් නලයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් පුද්ගලයන් 51 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉරාක පොලීසිය ප්‍රකාශ කරනවා.

බැග්ඩෑඩ් නුවරට සිට කි.මී. 270 ක් (සැතපුම් 170) දකුණින් පිහිටි සමාවා නගරයට ආසන්නව පිපිරීම සිදුවී ඇති ඇත.

ගෑස් නළමාර්ගය වසා දැමීමෙන් පසු, ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සමත් වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS