ගෑස් - විදුලිය පාකිස්තානයට දෙන්න ඉරානය සැරැසෙයි



පාකිස්තානය සමඟ ආර්ථික සහයෝගීතා තව තවත් ශක්තිමත් කරමින් එරටට ගෑස් සහ විදුලිය විකිණීමට කටයුතු කරන බව ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවාද් සරීෆ් පවසා ඇත.

ඉරාන ඇමැතිවරයා මේ බව කියා සිටියේ පාකිස්තාන පාර්ලිමේන්තු කතා නායක සර්දාර් අයාස් සදීකි සමඟ පැවැති සාකච්ඡාවලින් පසුවය. දෙදෙනා අතර හමුව පැවැත්වූයේ තෙහෙරාන් අගනුවරදීය.

දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් පාකිස්තානය සහ ඉරානය අතර ශක්තිමත් සබඳතා පවතින බවත් එම සබඳතා දිගටම ශක්තිමත්ව පවත්වා ගැනීම ඉරානයේ අපේක්ෂාව බවත් ඉරාන විදේශ ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS