ගැටුම්වලින් 6 ක් මරුට



ඉරාකයේ බස්රා නුවර වැසියන්, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නැති බවට බලධාරීන්ට චෝදනා නගමින් වීදි බැස විරෝධතා ආරම්භ කර ඇත.

විරෝධතාකරුවන්ට පොලිසිය හරස් වී එල්ල කළ ප්‍රහාරයෙන් විරෝධතාකරුවෝපස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 21 ක් යැයි පැවැසෙයි.

යටිතල පහසුකම් පමණක් නොව, නගර වැසියන් බොහොමයකට රැකියා නැත. පානීය ජලය හෝ විදුලිය ද නැත. ඉකුත් සතියේ ද මේ අයුරින් විරෝධතාවක් පැවැත්වුණු අතර එහිදී ද පොලිසිය කළ ප්‍රහාරයකින් එක් විරෝධතාකරුවෙක් මියගියේය.

(රොයිටර්)


RECOMMEND POSTS