ගැටුම් වහා නවත්වන්න: හවුති හිතවාදී යේමන ජනයා වීදි බසිති



දෙවසරක් මුළුල්ලේ යේමනයේ පවතින යුද ගැටුම් වහා නවතා දමන්නැයි බලකරමින් හවුති සටන්කාමීන් ප්‍රමුඛ දස දහස් සංඛ්‍යාත ජනතාවක් එරට සනා අගනුවර වීදිපුරා උද්ඝෝෂන පවත්වනු ලැබීය.

සෞදි හමුදාවන් ප්‍රමුඛත්වයෙන් යේමනයට එල්ලකරන යුද ප්‍රහාර නවත්වන්නැයි ඔවූහු ඉල්ලා සිටිති.

2015 වසරේ මාර්තුවේ ඇරඹි මෙම යුද ප්‍රහාර අරඹා වසර දෙකක් පිරීම නිමිත්තෙන් අල් හවුති සටන්කාමීන් විසින් මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ පෙරේදා (26) දිනයේදීය.

අල් හවුති සටන්කාමීන් සහ සෞදි රජයේ හිතවාදී යේමන් ජනාධිපති අබ්ද්‍රාබුහ් හාඩිට පක්ෂපතා හමුදාවන් අතර දෙවසරක් තිස්සේ පවතින මෙම ගැටුම් හේතුවෙන් යේමන් වැසියන් 7600 ක් මියගොස් තවත් මිලියනයකට අධික යේමන වැසියන් යුද්ධයෙන් අවතැන්ව සිටිති.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි......

 


RECOMMEND POSTS