ගාසා බලය පලස්තීන පාලන අධිකාරියට



පලස්තීන හමාස් සහ ෆාටා සංවිධාන අතරේ දශකයකට වැඩි කාලයක් පුරා පැවැති මතභේච අවසන් වී, සාම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු, ගාසා තීරයේ සම්පූර්ණ බලය ෆාටා සංවිධානය නියෝජනය කරන පලස්තීන පාලන අධිකාරියට පිරිනැමීමට හමාස් සංවිධානය තීරණය කර තිබේ.

ගාසා තීරයේ සම්පූර්ණ බලය පලස්තීන පාලන අධිකාරිය වෙත හිමිවනු ඇත්තේ ලබන දෙසැම්බර් පළමු වැනිදා සිට යැයි ද පැවැසෙයි.

පලස්තීන හමාස් සංවිධානය සහ ෆාටා සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් තැබුණේ ඊජිප්තුවේ කයිරෝ නුවරදීය. මත ගැටුම් අවසන් කර සාම ගිවිසුමකට පිවිසීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ඊජිප්තු රජය මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ නිසා යැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS