ගාසා දේශසීමා හුවමාරුව වැසේ



හමාස් සංවිධානය දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගාසා තීරයේ දේශසීමා හුවමාරුව වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් තෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බව ප්‍රකාශ කිරීමත් සමඟ මැද පෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණයත් සමඟ හමාස් සංවිධානය දිනපතා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කරන අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදා හමාස් සංවිධානයේ ආයුද ගබඩා සහ පුහුණු කඳවුරු ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ගැටුම්වලින් ජීවිත හානි හෝ තුවාල ලැබීම් හෝ එවැනි සිදුවීම් හෝ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැතැයි ද දෙපාර්ශවයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS