ගාසා තීරයේ සටන් විරාමයක්



ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි.

සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට පහර දීම අවසන් කළ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලුපිද් ද තහවුරු කර තිබේ.

සටන් විරාමය ආරම්භ වෙද්දී, පසුගිය 5 වැනිදා සිට පැවැති ප්‍රහාරවලින් පලස්තීනුවන් 43 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 250 කට වැඩි යැයි පැවැසෙයි. මියගිය 43 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළේත්, ගාසා තීරයේ වැටලීම් සිදු කළේත්, ඉරානයේ සහාය ලබන ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමිනි. ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, තම ප්‍රහාරවලින් ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සංවිධානයේ දෙවැනියා වූ කලීඩ් මන්සූර් ඝාතනය වූ බවය.

(රොයිටර්)


RECOMMEND POSTS