ගාසා තීරයේ බෝම්බ පිපිරේ



පලස්තීන ගාසා තීරයේ පොලිස් මුරපොළක සිදුවුණු පිපිරීමකින් පොලිස් නිලධාරීහු දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ.

ගාසා තීරයේ පලස්තීනුවෝ මිලියන දෙකකට ආසන්න පිරිසක් ජීවත් වන අතර ඔවුහු ඊශ්‍රායලයේ ආර්ථික සහ හමුදා සම්බාධකවලින් පීඩාවඩ පත් වී සිටිති.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර තමන් ද ඒ ගැන සොයා බැලීමක් කරන බව ඊශ්‍රායලය පවසා ඇත. ගාසා තීරය හමාස් පාලනය යටතේ පවතින පලස්තීන ප්‍රදේශයයි.

ගාසා තීරයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS