ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම යැයි තමා පිළිගන්නා බව ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීමත් සමඟ ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇතැයි වාර්තා වේ.

ප්‍රකෝපකාරී පලස්තීන වැසියෝ, ඊශ්‍රායල හමුදා මුරපොළවලට පහර දුන්හ. ඔවුන් මුරපොළ කිහිපයක් පහර දී අත්පත් කර ගත් බව ද පැවැසෙයි. ඊශ්‍රායල හමුදා, යුද ටැංකි සහ ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් කලහකාරීන්ට පහරදුන් බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS