ගාසා තීරයේ පළමු කෝවිඞ් මරණය



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, ගාසා තීරයෙන් පළමු මරණය වාර්තා වූ බව පලස්තීන පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මියගොස් ඇත්තේ අවුරුදු 77 ක් වයසැති ෆඩිල්ලා අබ් රයිදා නමැත්තියයි. මැය ඛාන් යූනිස් බල ප්‍රදේශයේ කාන්තාවක් බව පැවැසෙයි.

පසුගිය දා ඊජිප්තුවේ කොටු වී සිටි පලස්තීනුවෝ 1,500 ක පිරිසක් ඊශ්‍රායලය හරහා රෆා දේශසීමා පිවිසුමෙන් ගාසා තීරයට පැමිණියහ. ගාසා තීරයේ ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් වැඩි ැවඩියෙන් හමුවීමට පටන්ගෙන ඇත්තේ ඉන්පසුවය.

මේ අතර, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඊශ්‍රායලය හරහා එවූ වෛද්‍ය ආධාර ප්‍රතික්ෂේප කිරීමට ද පලස්තීන පාලන අධිකාරිය පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායලය හරහා ලැබෙන කිසිදු ආධාරයක් ලබා ගැනීමට තමන් අකමැති බව පවසමිනි. ටොන් 14 ක් බරැති එම ආධාර තොගයට වෛද්‍ය උපකරණ සහ ඖෂධ ඇතුළත්ය.

ගාසා තීරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS