ගාසා තීරයේ ගැටවරයෙක් මරුට



දකුණුදිග ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීම්වලින් පලස්තීන ගැටවරයෙක් මියගියේය. තවත් පලස්තීනුවෝ පස් දෙනෙක් තුවාල ලැබූහ.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි ෆාද් අල් අස්තාල් නමැත්තා ය. ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අස්තාල්ගේ උදරයට වෙඩි තබා ඇති බව පැවැසෙයි. මෙම ගැටවරයා කිසිදු විරෝධතාවකට සම්බන්ධ වූ අයකු නොවන බව පලස්තීනය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS