ගාසා තීරයෙන් පිටවෙන්න අල්ලස් මුදල්



ගාසා තීරයෙන් පිටවීට උත්සාහ ගන්නා පලස්තීනුවන්, එසේ කරන්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශවලට අල්ලස් මුදල් ලබා දීමෙන් යැයි අල් ජසීරා පුවත් සේවය අනාවරණය කර ඇත.

ගාසා තීරයට යෑමටත් ඒමටත් ඇත්තේ මාර්ග දෙකක් පමණි. එක් මාර්ගයක් ඇත්තේ ඊජිප්තුවෙනි. දෙවැනි මාර්ගය ඇත්තේ ඊශ්‍රායලය දෙසිනි. ඊශ්‍රායලය දෙසින් යෑම පලස්තීන වැසියන්ට ඉතා අසීරුය.

පිටවී යෑමට අවසර ලැබෙන්නේ වෛද්‍ය ආධාර පතන අසීරු රෝගීන් සහ ප්‍රතට ව්‍යාපාරිකයන්ට පමණි. එසේ නොවන්නේ නම්, ආරක්ෂක අංශ නිලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් දහස් ගණනින් අල්ලස් දීමට පලස්තීන වැසියන්ට සිදුවන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී ඇත.

ගාසා තීරයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS