ගාසා තීරයට සටන් විරාමයක්



ගාසා තීරයේ ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා කළ පහරදීම් අද (14) අවසන් වූයේ, ඊශ්‍රායල රජය සටන් විරාමයකට එකඟවීමත් සමඟය.

සටන් විරාමයට ඊශ්‍රායලය එකඟත්වය පළ කර ඇත්තේ, ඊජිප්තුව ඊට මැදිහත් වූ නිසා යැයි පැවැසෙයි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පලස්තීනුවෝ 34 ක් මියගියහ.

‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ කණ්ඩායම ත්‍රස්ත කණ්ඩායමක් ලෙස ඊශ්‍රායල රජය සලකයි. පසුගිය දා ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ නායක බහා අබ් අල් අටා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලට ඔහුගේ නිවසට පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් බහා අබ් අල් අටා පමණක් නොව ඔහුගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා විය.

ඉන්පසු පැය 48 ක් තිස්සේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් දිගට හරහට රොකට් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා වේ.

ගාසා තීරයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS