ගාසා තීරයට රොකට් ප්‍රහාර



2014 වසරේ දී ඊශ්‍රායල හමුදා සහ පලස්තීනුවන් අතර ආරම්භ වුණු ගැටුම්වලින් පසු, පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදා තවමත් විටින් විට ගාසා තීරයට රොකට් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියයි.

ඊශ්‍රායල හමුදා එල්ල කරන එම රොකට් ප්‍රහාරවලින් හමාස් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට තමන්ට හැකිවී ඇති බව ද අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

තමන් මෙසේ ගාසා තීරයට පහර දෙන්නේ ගාසා තීරයෙන් තමන්ට එල්ල වුණු රොකට් ප්‍රහාරවලට පිළිතුරුදීමක් ලෙස යැයි ද ඊශ්‍රායල අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

ගාසා සිටී නුවර රෝහල් ආරංචි සඳහන් කර ඇත්තේ ඊයේ (14) ඊශ්‍රායල හමුදා එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පලස්තීනුවන් දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලැබූ බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS