ගාසා තීරයට නව හමාස් නායකයෙක්



ගාසා තීරයේ නව නායකයා ලෙස, හමාස් සංවිධානය විසින් ඔවුන්ගේ සන්නද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාජික යහ්යා සින්වෝර් පත්කරගෙන ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.

යහ්යා සින්වෝර් එම ධුරයට පත් කර ගෙන ඇත්තේ, 2007 වසරේ සිට එම ධුරයේ සිටි ඉස්මයිල් හනියාගේ සමුගැනීමෙන් පසුව යැයි පලස්තීන හමාස් සංවිධානය සහ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් රජය වැඩි දුරටත් කියා සිටී.

1988 වසරේ දී යහ්යා සින්වෝර්, ඊශ්‍රායල අත්අඩංගුවට පත්විය. ඉන්පසු ඊශ්‍රායලයේ සිරකරුවකු වී සිටි සින්වෝර්, නිදහස ලැබුවේ 2011 වසරේදීය. ඒ, සිරකරු හුවමාරුවකට අනුවය.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS