ගස් බිලියන 50 ක් සිටුවන්න සූදානම්



අසල්වැසි ගල්ෆ් කලාපීය රටවල් එකමුතු කර ගනිමින්, බිලියන 50 ක ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු සූදානම් වෙයි.

මෙම හරිත ව්‍යාපෘතිය ආරම්භ කෙරන්නේ,  කාබන් විමෝචනය අඩු කර, වායු දූෂණය අවම කිරීමේ ප්‍රධාන අරමුණින්ය. මෙම  ව්‍යාපෘතිය යටතේ සෞදි අරාබිය ගස් බිලියන 10 ක් සිටුවීමට නියමිතය.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු මැදිහත් වී, මෙම හරිත ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන ඇති සෙසු ගල්ෆ් කලාපීය රටවල් වන්නේ කටාර් රාජ්‍යය, කුවේටය, බහරේනය, ඉරාකය සහ සුඩානයයි. මෙම රටවල් ගස් බිලියන 40 ක් සිටුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඔටුන්න හිමි සෞදි කුමරුන් සෞදි වැසියන්ගේ පමණත් නොව, අසල්වැසි කලාපීය රටවල වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් පරිසරහිතකාමී ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත. 2030 වසර වෙද්දී, සෞදිය තෙල් මත පමණක් යැවෙන රාජ්‍යයක් නොවනු ඇති බව සල්මාන් කුමරු පවසා තිබේ. ගස් බිලියන 50 ක් රෝපණය කිරීමේ ‘හරිත ව්‍යාපෘතිය’ ආරම්භ වන්නේ සල්මාන් කුමරුන්ගේ එම අනාගත දැක්මට අනුවය.

කයිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS