ගවයන්ට කුර සහ මුඛ රෝග



කුවේටයේ අල්-සාලිබියා ප්‍රදේශයේ ගොවිපොලවල් ගණනාවක ගවයන්ට කුර සහ මුඛ රෝග වැළඳී ඇති බව වාර්තා වේ.

වෙනත් ගොවිපළවල්වලට රෝගය ව්‍යාප්ත වීමට පෙර පාලනය කිරීමට හදිසි සැලැස්මක් දියත් කළ බව කෘෂිකාර්මික කටයුතු හා මත්ස්‍ය සම්පත් පිළිබඳ මහජන අධිකාරිය පැවසීය.

රෝගය වැළඳී නැති ගවයින්ට එන්නත් ලබාදීමටත්, රෝගය වැළඳී ඇති ගවයන් හුදෙකලා කර තැබීමට කටයුතු කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය අලි අල්-කටාන් නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS