ගල්ෆ් සහයෝගීතා සමුළුව හෙට



ගල්ෆ් රටවල එකමුතුව හෙවත් ගල්ෆ් සහයෝගීතා මණඩලයේ 39 වැනි සැසිවාරය සෞදි අරාබියේ රියාද් නුවරදී ආරම්භ වෙයි.

ගල්ෆ් සහයෝගිතා මණ්ඩලය යනු ගල්ෆ් කලාපීය රටවල නායකයන් රැස්වී, කලාපීය වශයෙන් ඔවුන් මුහුණ දෙන ගැටලු සහ අර්බුද සාකච්ඡා කර ඒවාට විසඳුම් සොයා ගැනීමය.

ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයට අයත් ප්‍රධාන සාමාජික රටවල් වන්නේ බහරේනය, කුවේටය, ඕමානය, කටාරය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

මෙවර සමුළුවේදී, කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින් හටගෙන ඇති අර්බුදය ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සෞදියේ මොහොමද් බින් අබ්දුල්ලාසි රජු කළ ඇරැයුමට අනුව, සමුළුවට සහභාගීවීම සඳහා කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද රියාද් බලා පැමිණ සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS