ගල්ෆ් සහයෝගිතා සමුළුව රියාද් නුවරදී



සෞදි අරාබියේ රියාද් නුවරදී 42 වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුව දෙසැම්බර් 14 දින පැවැත්වෙන බව වාර්තා වේ.
ඉරානය සහ ලෝක බලවතුන් අතර වියානා නුවර පැවති න්‍යෂ්ටික සාකච්ඡා සහ අරාබි රටවල අභ්‍යන්තර කටයුතුවලට ඉරානය දිගින් දිගටම මැදිහත් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා එවීම මෙන්ම ඉරානය ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අරමුදල් සැපයීම  පිළිබඳවද සාකච්ඡා කිරීමට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් රටවල නායකයන් බලාපොරොත්තුවෙන් සිටින බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.
    
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS