ගල්ෆ් සමුළුව කල් දාන්න



කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් ගල්ෆ් කලාපය තුල උද්ගත වී ඇති අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් 39 වන ගල්ෆ් සහයෝගිතා කවුන්සිල සමුළුව මාස 6 කින් කල් දමන ලෙස කුවේට් රාජ්‍යය ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට යෝජනා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

කුවේට් රාජ්‍යය කළ යෝජනාවට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයටඅයත් අනිකුත් රටවල් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිල සමුළුව දෙසැම්බර් මාසයේදි කුවේට් රාජ්‍යයේ පැවැත්වීමටසැලසුම් කර තිබු අතර මේ වනවිට කිසිදු ආකාරයක පෙර සූදානමක් හෝ ගල්ෆ් කලාපයේ රාජ්‍ය නායකයින්ට ආරාධනා කිරීමක් කර නොමැති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS