ගල්ෆ් අර්බුදය විසඳා ගන්න හැකිවේවි



සෞදිය සමඟ පවතින ගල්ෆ් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා ඵලදායී වූ බවත්, වසර දෙකක් තිස්සේ පවතින අර්බුදය විසඳා ගැනීමට අපේකෂා කරන බවත් කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පවසයි.

කටාර් විදේශ ඇමැතිවරයා මෙසේ පවසා ඇත්තේ රෝමයේ පැවැති විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂ සමුළුවට සහභාගී වෙමිනි. සෞදිය සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍ය තන්ත්‍රික සබඳතා ඇණහිටියේ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩිදෙන බවටත් චෝදනා එල්ල වීමත් සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS