ගරිල්ලන් ප්‍රහාරක ඩ්‍රෝනා එවලා



ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්ට අයත් ප්‍රහාරක ඩ්‍රෝනා යානා සෞදි අරාබියේ නජ්රා පලාතට පැමිණ ඇති බව වාර්තා වේ.

ප්‍රහාරක ඩ්‍රෝනා යානවලට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට කටයුතු කළ බව යේමනයේ සෞදි-සන්ධාන හමුදාව ප්‍රකාශ කළේ ය.

අප්‍රේල් 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද මාසයක සටන් විරාමය අවසන් වීමෙන් පසු, හවුති ගරිල්ලන් ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කර ඇත.

සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රහාරක ඩ්‍රෝනා යානා පැමිණ ඇති බව සෞදි සන්ධාන හමුදා මාධ්‍ය  ප්‍රකාශක, කර්නල් තුර්කි අල්-මල්කි පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS