ගරිල්ලන් පරාජය කරනවා: කුමරු කියයි



ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන්ව පරාජය කරන බව සෞදි ඔටුන්න හිමි කුමරු , මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුද් ප්‍රකාශ කළේ ය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට හවුති ගරිල්ලන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු,  එමිරේට්ස්  නියෝජ්‍ය හමුදා අණදෙන නිලධාරී සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ බව ප්‍රකාශ කර ඇත.

දුරකථන සංවාදය අතරතුර, සෞදි කුමරු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ට සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපැවැත්වීම, කලාපීය කටයුතු සහ පොදු අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS