ගමන් බලපත්‍ර 67 වැනි තැනට



ඕමාන් විදේශ ගමන් බලපත්‍ර හෙන්ලි පාස්පෝට් දර්ශකයේ67 වන ස්ථානය හිමි කරගෙන ඇති බව වාර්තා වේ.

විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව ප්‍රවේශ වීසා නොමැතිව ලොව පුරා රටවල් 77 කට ඇතුළු වීමට අවස්ථාව හිමි වී ඇත.

පුර්ව වීසා ලබාගැනීමකින් තොරව බහරේන්,ටියුනීසියාව,දකුණු කොරියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය, එක්සත් රාජධානිය, බෙලාරුසියාව, ඊජිප්තුව, මොරොක්කෝව, ටැන්සානියාව, සීෂෙල්ස්, ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ජෝර්දානය, කුවේටය, සිරියාව සහ අනිකුත් රටවල්වලට ඇතුළු වීමට අවස්ථාව හිමි වෙයි.

ඕමාන් විදේශ ගමන් බලපත්‍රය 2017 හෙන්ලි පාස්පෝට් දර්ශකයේ 68 වන ස්ථානයට හිමි කරගැනීමට සමත් විය.

පසුගිය වසරේ, අලුත් කරන ලද සහ අලුතින් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 288,000 ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS