ගනුදෙනුව වහා අවසන් කරන්න



තුර්කිය රුසියාවෙන් මිලදී ගැනීමට සූදානම් වන මිසයිල ආරක්ෂක පද්ධතිය ‘ගැටලුවක්’ බවත් එම අදහස වහා වෙනස් කර ගන්නා ලෙසත් ‘ජී20’ සමුළුවට සමගාමීව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් පැවැසීය.

තුර්කිය මිලදී ගැනීමට සූදානම් වන්නේ රුසියාවේ ‘එස් 400’ මිසයිල ආරක්ෂක පද්ධතියයි. ‘මිසයිල පද්ධතිය මිලදී ගැනීමට ඇමෙරිකාව විරුද්ධයි. එම ගනුදෙනුව නවත්වන්න ජුලි 31 වැනිදා තෙක් අපි කල් දෙනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා තුර්කි ජනාධිපතිවරයාට පවසා තිබේ.

‘තුර්කිය අපේ හිතවතා. තුර්කියත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ ගනුදෙනු සිදුවෙනවා. මම හිතනවා අපට වැඩි දෙයක්  කරන්න පුළුවන් වේවි’ යැයි ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් තුර්කි ජනපතිවරයාට පවසා තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS