ගගනගාමියෙකුගේ රාමසාන් සුභපැතීම



එක්සත් ජනපද අභ්‍යාවකාශ ගගනගාමියෙකු වූ ස්කොට් කෙලී සිය ටුවිටර් සමාජ ජාල ගිණුම හරහා රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් භක්තිකයන්ට සුභ පතමින් අභ්‍යාවකාශයේ සිට මක්කම පූජාභූමියේ  ලබාගන්නා ලද ඡායාරූපයක් පළ කොට ඇති බව Al Mowaten පුවත්පත වාර්තා කළේය. 

මක්කම පිහිටි මහ පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් එහි අවට ප්‍රදේශය අභ්‍යාවකාශයේ සිට ඡායාරූප ගත කර ඇත. 

කෙලී දැනට නාසා ආයතනයේ සේවය කරන අතර වසරක කාලයක් අභ්‍යාවකාශයේ රැදී සිටිමින් දිගු කාලයක් අභ්‍යාවකාශ ගමන් වලදී සිදුවන මානසික සහ කායික වෙනස්කම් ගැන අධ්‍යනය කර ඇත. 

අභ්‍යාවකාශයේ සිට පෘථිවියේ විවිධ ප්‍රදේශවල ඡායාරූප ලබාගෙන ඔහුගේ හිත මිතුරන්ට නැරඹීම සඳහා ඔහුගේ ටුවිටර් සමාජ ජාල ගිණුම හරහා මීට පෙර අවස්ථාවකදී පළ කර තිබූ බව වාර්තා වේ.  

අභ්‍යාවකාශ ගගනගාමියකු මෙන්ම එක්සත්ජනපද නාවික හමුදාවේ කපිතාන්වරයෙකු වන ස්කොට් කෙලී අවස්ථාවන් තුනකදී අභ්‍යාවකෘශයේ පිහිටා ඇති අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට විවිධ පරියේෂණ සඳහා ගොස් ඇත.  

2015 වර්ෂයේදි අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ආරම්භ කරන ලද වසරක් පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ අභ්‍යාවකාශ මෙහෙයුමක් සඳහා 2012 නොවැම්බර් මාසයේදී ස්කොට් කෙලීව තෝරා ගෙන තිබූ බව වාර්තා වේ. 

 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS