ගගනගාමියෙක් අභ්‍යාවකාශයට



එමිරේට්ස් ඉතිහසයේ නව පිටුවක් පෙරළමින් ප්‍රථමවරට එමිරේට්ස් ගගනගාමියෙක් අභ්‍යාවකාශයටයැවීමට සුදානම් වන බව වාර්තා වේ.

අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට “Soyuz MS-12’’නැමති රුසියානු ගගනයානයෙන් අප්‍රේල් (2019) මාසයේදී,දින දහයක කාලයකටඑමිරේට්ස් ගගනගාමියාවයැවීමට මොහොමඩ් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයසැළසුම් කර ඇති බව වාර්තා වේ.

අභ්‍යාවකාශ ගමන සාර්ථක කර ගැනීම සඳහා රුසියානු සමාගමක් වන “Roscosmos State Corporation’’ ආයතනය සමඟ මොහොමඩ් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පසුගියදා ගිවිසුමක් අත්සන් කළේය.

“එමිරේට්ස් ගගනගාමියෙක් අභ්‍යාවකාශයට යවන්න ඵෙතිහාසික ගිවිසුමක් අත්සන් කළා, අභ්‍යාවකාශ ක්ෂේත්‍රය දියුණු කරන්න වසර දොළහකට වැඩි කාලයක් කැපකිරීම් කළා, ගගනගාමියා ඒ සතුට අපිට ගෙනල්ලා දෙයි.’’ යනුවෙන් ඩුබායි පාලකයා සිය ට්විටර් සමාජ ජාලි ගිණුමේ පළ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS