ඛේදවාචකයෙන් පසු ඇමති අස්වෙයි



ජෝර්දානයේ සිදු වු පාසල් බස් රථ අනතුරෙන් සතියකට පසු අධ්‍යාපන සහ සංචාරක අමාත්‍යවරයා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

මළ මුහුද ආශ්‍රීත ප්‍රදේශයේ පැවති ගංවතුර හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස්රථයක් පිරළී ගොස් විසි එක්දෙනෙක් (21) ජීවිතක්ෂයට පත් වීමෙන් පසු අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය, ඕමාර් අල්-රසාස්ට යවා ඇත. 

“දේශපාලනයේ වේදනාකාරි කාල පරිච්ඡේදයකට මුහුණදීමට සිදු වී ඇත.’’ යනුවෙන් සිය ට්විටර් සමාජ ජාල ගිණුමේ අමාත්‍යවරයා පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS