කෝපි කෝප්පයකට තොරතුරු පිටකරලා



කුවේට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සේවකයෙක්ගේ පෞද්ගලික තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැර ඇති බව වාර්තා වේ.

අමාත්‍යාංශයේම සේවය කරන සේවකයෙක් පරිගණකයේ ඇති පෞද්ගලිකතොරතුරුවල ඡායාරූපයක් ගෙන කෝපි කොප්පයක රස බැලීමේ අරමුණින් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැර ඇති බව මුලික පරීක්ෂණවලදි අනාවරණය කරගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.

විනය විරෝධි ආකාරයෙන් තොරතුරු පිට කළ සේවකයාට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS