කොළරා රෝගීන් ගණන ලක්ෂ 3 පනී



යේමනයේ කොළරා වසංගතය ඉහවහා ගොස් ඇති බවත්, ගතවුණු සති 10 ක කාලයේදී කොළරා රෝගින්ගේ ගණන ලක්ෂ 3 ඉක්මවා ඇති බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත.

රතු කුරුස සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ සෑම දිනකටම කොළරා රෝගීන් 7,000 ක් වාර්තා වන බවය. යේමනයේ පළාත් 21 ක් පුරා කොළරා වසංගතය පැතිර ඇතැයි ද වාර්තා වේ.

යේමනයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට මුළුමනින්ම අඩපණ වී ඇත. ඒ, වසර දෙකක් තිස්සේ එරට පවතින සිවිල් ගැටුම් හේතුවෙනි. යේමනයේ ගැටුම් පවතින්නේ හවුති ෂියා සටන්කාමීන් සහ යේමන රජයට හිතවත් සන්නද්ධ කල්ලි අතරේය.

(බී.බී.සී.)


RECOMMEND POSTS