කොලරා වසංගතයෙන් 600 මියගිහින්



යේමනය පුරා පැතිරි යන කොලරා වසංගතය හේතුවෙන් අප්‍රේල් මාසයේ අග භාගයේ සිට මේ දක්වා පුද්ගලයි 600කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මාසයකට වඩා වැඩි කාලයක් තුල කොලරා රෝගීන් 70,000ක් වාර්තා වු බව  ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදලේ කලාපීය අධ්‍යක්ෂවරයා සිකුරාදා (ජුලි02) ප්‍රකාශ කළේය.

කොලරා වසංගතය ඇදහිය නොහැකි වේගයකින් රටතුල පැතිරෙමින් යන අතර වසංගත තත්ත්වය යටතේ දරුවන් ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇත.

ගණන් කිරීමට නොහැකි තරමේ ප්‍රමාණයකින් යේමන දරුවන් සෑම දිනයකදීම නිහඩවම මියයන අතර කොලරාව පාචනය, මන්දපෝෂණය වැනි රෝග පහසුවෙන් වලක්වා ගතහැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි සති දෙක ඇතුලතදී කොලරා රෝගීන්ගේ සංඛ්‍යාව 130,000දක්වා ඉහල යා හැකි බවට අනතුරු අඟවා ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS