කොලරා රෝගීන් ගැන සැක



සෞදි අරාබියට අයත් යේමන දේශසීමා ප්‍රදේශයෙන් කොලරා රෝගියෙක් සහ ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වු බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කොලරා රෝගය ආසාදනය වී ඇති පුද්ගලයන් සෞදි ජාතිකයෙක් නොවන බවත් ජීසාන් නගරයේ අල්-මව්වසම් මහා රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කොලරා රෝගය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS