කොරෝනාවලින් බේරෙන්න මත්පැන් බීලා



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට පිළියමක් යැයි සිතා පානය කළ මත්පැන් විෂ වී, ඉරාන වැසියන් 44 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්,  119 දෙනකු රෝහල් ගත කෙරුණු බවත් වාර්තා වේ.

ඉරානයේ මත්පැන් පානය තහනම්ය. මත්පැන් විෂ වී මරණ වාර්තා වන්නේ කුසෙස්තාන් පළාතෙනි. කුසෙස්තාන් වැසියන් පානය කර ඇත්තේ නීති විරෝධී අයුරින් පෙරා ගත් මත්පැන් යැයි පැවැසෙයි.

සබන් හෝ ඇල්කොහොල් මුසු දියර හෝ භාවිතයට ගනිමින්, සැමවිටම දෑත් පිරිසුදුව තබා ගන්නැයි ඉරාන සෞඛ්‍ය බලධාරීහු ඉරාන වැසියන්ට උපදෙස් දී ඇත. ඒ, කොරෝනා වයිරසයෙන් බේරීමටය.

ඇල්කොහොල් (මද්‍යසාර) යනු මත්පැන්වල මත් බව ඇති කරන සංයෝගයයි. මද්‍යසාර යනු කුමක්දැයි කියා හෝ මත්පැන් යනු කුමක්දැයි කියා හෝ අවබෝධයක් නැති ඉරාන වැසියන් මත්පැන් පානයට යොමු වී ඇත්තේ මත් පැන් පානය කිරීමෙන් කොරෝනා වයිරසය ආසාදනය නොවනු ඇතැයි වැරදි වැටහීමෙනි.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS